වසර මුල සිට ම විභාගයට සූදානම් වෙන්න.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.ජී. අමරසිංහ
අංශාධිපති, භූගෝල විද්‍යා අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.
‘විභාගය’ මානසික
ආතිතය ඇති කරන්නක්ද? විභාගය ආතතියක් නොවන්නට කළ යුත්තේ ඒ සදහා හොදින් සූදානම්
වීමයි. විභාගය ලිවීමට ආතතියෙන් තොර නිරෝගී මානසිකත්වයක් ඇති කරගැනීමට කළ යුත්තේ
කුමක්ද? ඒ සදහා විද්‍යාර්ථියා සුදානම් විය යුත්තේ කෙසේද? යන්න පිළිබද කැලණිය
විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.ජී. අමරසිංහ මහතා
සමග පැවැත් වූ සංවාදයකි.
01. විභාගයට සූදානම් විය යුත්තේ කවදා සිට ද?
විශ්වවිද්‍යාල
විභාග යනු අධික මානසික පීඩනයකින් මුහුණදිය
යුත්තක් නොවේ. වසර මුල සිට ම අධ්‍යයන කටයුතු වලට අදාලව තොරතුරු එකතු කළ යුතු ය.
තමා හදාරන විෂයට අදාළව න්‍යායාත්මක කරුණු හා සටහන් ක්‍රමානුකූලව සකස් කළ යුතුය.
පිළිතුරක් ලිවීමේදී අසනු ලබන ප්‍රශ්නයට අදාළ තොරතුරු, තම මතය තහවුරු කළ හැකි පරිදි
ගොනු කළ යුතුය. මෙහිදී නිවැරදි මූලාශ්‍ර වලින් තොරතුරු එක් රැස්කිරීම සමාසිකය
ආරම්භයේ සිට ම ගොනු කළ යුතු ය.
02. සාර්ථක පිළිතුරක් ලියන්නේ කොහොම ද?
l=uk
විධානයක් යටතේ වූව ද යම්කිසි ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමේදී එම පිළිතුර යම්
සැලසුමකට අනුව ඉදිරිපත් කළ යුතු ය. එසේ නැත්නම් පිළිතුරු පත්‍ර ඇගයීමට ලක් කරන්නාට
ලියා ඇති දේ තේරුම් ගැනීමට නොහැකි වනු ඇත. මෙහිදී තම අත්අකුරු පිළිබදව වගබල ගත
යුතු ය. සාමාන්‍යයෙන් පිළිතුරක ව්‍යුහය තුළ හැදින්වීම, අන්තර්ගතය හා සමාලෝචනය යන
කොටස් පිළිබද අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ. හැදින්වීම් මගින් ප්රශ්නය තේරුම්
ගත් බව සදහන් කළ යුතුය. අන්තර්ගතයෙන් ප්‍රශ්නයට අදාළ පිළිතුරේ තොරතුරු විවරණය කළ
යුතු ය. සමාලෝචනයේ දී සමස්ත තොරතුරු එක් කොට තම පිළිතුර තහවුරු කළ යුතු ය.
03. විභාගයට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොම ද?
මානසික
පීඩනයකින් තොරව පුශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී පෙර සූදානම ඉතා වැදගත්. තමා රැස්
කරගත් තොරතුරු අසන ප්රශ්නය අනුව ක්‍රමානුකූලව අනුපිළිවෙලකට ලිවිය යුතුයි. ප්‍රශ්නයට
අදාළ තොරතුරු පමණක් පිළිතුර ලිවීමේදී ගොනු කළ යුතු අතර ප්රශ්නය කොටස් කිහිපයකට
බෙදා වෙන්කර පිළිතුර ලිවිය යුතුයි. අන් පිළිතුරු පත්‍රවලින් වෙනස් වන පරිදි
ඒකාකාරී නොවන අකර්ෂණීය පරිදි ලිවිය යුතුයි.
කල් ඇතිව
විභාගයට රැස්කරගත් විෂය කරැණු විවිධ විෂයයන් අනුව වෙන්කර ගෙන පාඩම් කළ යුතු ය. තම
දක්ෂතාව, කුසලතාව නිරූපණය කෙරෙන සාක්ෂිය පිළිතුරු පත්‍රය වන බැවින් ලිවීමේ කලාව හා
පිළිතුරු ලිවීමේ හැකියා වර්ධනය කරගත යුතුය.
ඒ සදහා විවිධ වර්ගයේ ලේඛන කියවිය යුතුයි. තවදුරටත්, විශ්වවිද්‍යාලයේ ප්‍රථම
වසරේදී ම අතිරේක විෂයක් ලෙස ‘ලිවීමේ කුසලතා’ යන
විෂයය ඇතුළත් කළ යුතු බව මගේ අදහසයි. මේ සම්බන්ධව වැඩිදුර අධ්‍යයනය සදහා ‘උසස්
විභාග සදහා ලිඛිත පිළිතුරු සම්පාදන උපදෙස්’ග්‍රන්ථය පරිශීනය කිරීමට ඔබට හැකියාව
ඇත.
පමෝදා පියුමාලි, සදුනි මධූෂා
විශ්වවිද්‍යාල ප්‍රවේශය තුළ මානවශාස්ත්ර සහ සමාජ විද්‍යා පීඨයන්හි අනෙක් පීඨවලට සාපෙක්ෂේව පුරුෂ පාර්ශවය අඩු බවක් දක්නට ලැබෙයි. අප විශ්ව විද්‍යාලයේ (කැලණිය විශ්ව විද්‍යාලය) ද මෙම අවාසනාව දැක ගත හැකිය. මෙය එක අතකින් අවාසනාවක් වන්නේ සරසවි වරම් ලැබූ තරුණියන්ට සරසවි ප්‍රේමයට වරම් නොමැති වීම සීමා වීම නිසා නම් නොවෙයි. නමුත් එය ද අවාසනාවට යම් හේතුවක් විය හැකිය. සියයට අසූවක් පමණ කාන්තාවන් අතුරේ සිටින පුරුෂ පාර්ශවයට නම් මෙය වාසනාවට කරුණක් විය හැකිය. නමුත් පුරුෂ පාර්ශවයේ දුලබ බව නිසා බාහිර කටයුත්තකදී අප අසරණ වන වාර අනන්තය. මෙසේ සිතන්නෝද විශ්වවිද්‍යාලයේ සිටිති.
මුලින්ම මතක් කර දිය යුත්තේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ කාන්තාව තම ශක්තිය තවමත් අවබෝධ කරගෙන නොමැති බවයි. ඔවුන් තම ශක්තිය සහ හැකියාව මනිනු ලබන්නේ සමාජය තුලින් පොවන ලද සංස්කෘතිය නම් කඩතුරාව ඉවත් නොකරමය. එහෙයින් තමන්ට නොමැති වූ අසීමිත ශක්තියක් හා බලයක් පුරුෂ පාර්ශවයෙන්ම බලාපොරොත්තුවනවා විය හැකිය.
ස්ත්‍රී වේවා, පුරුෂ වේවා කුමන වර්ගයකට අයත් මානවයෙක් සම්භවය ලබන්නේ එකම ආකාරයකිනි. එමෙන්ම ඔවුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නේද පිළිගත් පොදු ක්රමවේදයකිනි. එසේනම්, විශ්වවිද්‍යාලය තුල පුරුෂ පාර්ශවය දුලබ වීම ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් විය යුතු නොවේ. හේතුව ඒ සඳහා බලපාන්නේ අධ්‍යාපනික කුසලතාවය පමණක් වීමයි. මෙයින් පැහැදිලි වන්නේ සමාජය විසින් අප දකින ආකාරය මෙන්ම සිතන ආකාරය පවා යම් වාරණයකට ලක් කර ඇති බවයි. එක් එක් විෂයන්හි පරිපුර්ණත්වයට පත්වෙමින් නව අදහස් සමාජ ගත කරමින් ලෝකය වෙනස් කිරීමට දායක වන්නාවූ විද්‍යාර්ථින්ගේ ආකල්ප මෙසේ ප්‍රාථමික වන්නේ කෙසේද යන්නනම් ප්රශ්නයකි.
එතරම් ශක්තිමත්යැයි සිතන අප අතර සිටින්නාවූ පුරුෂ පාර්ශවයට සුසන්තිකා සමඟ දුවන්නට හෝ රහීම් සමඟ පිහිනන්නට නොහැකිය. නමුත් ඔවුන් දෙපලම ශක්තිමත් කාන්තාවන් දෙපළකි. එසේනම් මෙම ශක්තිය වෙනස් වන්නේ කෙසේද?. එය වෙනස් කර ඇත්තේ බෙදා වෙන් කොට ඇත්තේම මේ සමාජය සහ සංස්කෘතිය යන සාධකයන් විසිනි. මෙය විශ්වවිද්‍යාලයේත් දක්නට ලැබෙන්නේ එම සමාජ බලපෑමේ උණුසුම විශ්වවිද්‍යාලයටත් ලැබෙන නිසාය.
මේ නිසාම විශ්වවිද්‍යාලයේ
යම් ශිෂ්‍ය සංගමයක සභාපති කෙනෙක් පත්වන්නේ නම් ඒ පුරුෂ පාර්ශවයේ අයෙක් වීම න්‍යායයක් බවට පත් වී ඇත. යම් කටයුත්තකදී ක්‍රියාකාරී පුද්ගලයන් වන්නේ ද පුරුෂ පාර්ශවයමයි. විශ්වවිද්‍යාලෙය්
වැඩි නියෝජනයක් ඇත්තේ කාන්තා පාර්ශවයට වුවත් ක්‍රියාකාරකම් තුල කාන්තා සහභාගීත්වය අවම බව දක්නට ලැබෙයි. මෙසේ වීමට හේතුව සමාජය විසින් කාන්තාවට දායාද කරන ලද ගතානුගතිකභාවයම ද? නැත්නම් සංස්කෘතිකමය බලපෑම ද?මෙවැනි වාතාවරණයක් තුල සම තැන හෝ නිසි තැන අහිමි කර ගෙන ඇත්තේ කාන්තා පාර්ශවයම ද යන ප්රශ්නය මතු වෙයි. කෙසේ වෙතත් සමාජ සම්ප්‍රදායටම නතු වී කටයුතු කිරීම දුර්වලකමක් ලෙස පෙන්වා දිය හැකිය. වෙනස් මිනිසුන් බිහිවන සහ වෙනස් මිනිසුන් ගැවසෙන ස්ථානයක් වූ විශ්වවිද්‍යාලයේත් මෙම පොදු ප්රශ්නය සාකච්ඡා කිරීමට සිදු වීමත් සමාජයේම දුර්වලතාවයක් ලෙස පෙන්වාදිය හැකිය. විශ්වවිද්‍යාල තුල කාන්තා නියෝජනය වැඩි වුවත් ඇය නායකත්වයට සුදුසු නොවන්නේ ද? ප්‍රබල චරිතයක් නොවන්නේ මන් ද?
විශ්වවිද්‍යාලය තුල ඇගේ තැන ඇයට ලැබී ඇත් ද? නැතහොත් ඇගේ තැන ඇය විසින්ම ප්‍රතික්ෂේප කර ඇත් ද?
එම්.ඩී.ටී.තත්සරිණි


No comments:
Post a Comment